ව්‍යාජ ඔප්පු සැකසීම සම්බන්ධයෙන් වරෙන්තු 7ක් නිකුත් කර තිබූ නීතිඥයාට ඇප

  👤  2221 readers have read this article !
By mawbima 2018-11-20

ගම්පොළ - මාධව බණ්ඩාර

ව්‍යාජ ඔප්පු සැකසීම සම්බන්ධයෙන් වරෙන්තු 7ක් නිකුත් වී තිබූ නීතිඥවරයකු නාවලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී මහෙස්ත්‍රාත් ශ්‍රී නිත් විජේසේකර මහතා සැකකාර නීතිඥවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කරන ලදී.

මෙසේ ඇප නියම වූයේ හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයකුටයි. ඔහුට ගම්පොළ හා නාවලපිටිය ප්‍රදේශයේ පුද්ගලයන්ගේ ඔප්පු ලිවීම ඇතුළු වැරැදි සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් වී තිබිණි.

මෙයින් වැරැදි කීපයක් ගම්පොළ අධිකරණ බල ප්‍රදේශය තුළ සිදු වූ චෝදනාවන් හෙයින් මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කොට සාධක ලබා ගන්නා ලෙසත් (ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ බවට තහවුරු කරන ලේඛන) එම ලේඛන දෙසැම්බර් 12 දින නැවත නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙළේය.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, ස.පො.අ. චන්ද්‍රසේන බණ්ඩාර නාවලපිටිය පොලිස් ස්ථානාධිපති සුජීව ද සොයිසා යන නිලධාරීන්ගේ උපදෙස් මත පො.ප. ගුණවර්ධන, පො.සැ. උදයකුමාර (8102), පො.සැ. සුගත් (31064), පො.කො. කුමාර (45442) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon