මම බයිබලයෙන් දමා ගැසුවේ නෑ

  👤  2384 readers have read this article !
By mawbima 2018-11-19

පසුගිය දින පාර්ලිමේන්තුවේදී තමා විසින් ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසුවේ යැයි රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය හා ද්වේෂ සහගත වූවක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.


විශේෂයෙන්ම විපක්ෂයේ කතෝලික මන්ත්‍රිවරුන් වන නිරෝෂන් පෙරේරා, හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක වැනි අය ආණ්ඩුවට මඩ ගැසීමට තමන් අදහන ආගම පවා පාවිච්චි කිරීම පව්කාරකමක් ලෙසට තමා දකින බවද අමාත්‍යවරයා කීය.


ජනතාව තුළ තම පාර්ශ්වය කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීමට මෙයාකාරයෙන් ආගම හා ශුද්ධ වූ බයිබලය පාවිච්චි කිරීම තුළින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයේ දේශපාලන බංකොලොත්භාවය යැයිද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.


ඔහු වැඩිදුරටත් පැවැසුවේ තමාගේ ආගමට කොතරම් ගරු කරනවාද යන්න ආගමික නායකයන් හොඳින් දන්නා බවත් මෙලෙස ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සඳහා රනිල් වික්‍රමසිංහ හා කථානායක කරු ජයසූරිය මහත්වරුන් අනුබල දීමද කනගාටුදායක බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon