මහ ඡන්දයකින් හෝ ජනමත විමසුමකින් ගැටලුව විසඳන්න

  👤  2362 readers have read this article !
By mawbima 2018-11-19

මහ මැතිවරණයක් බැරි වුණොත් ජනමත විචාරණයක් හෝ පවත්වා වර්තමානයේ තිබෙන ගැටලුකාරී තත්ත්වයෙන් රට මුදාගන්නට කටයුතු කරන ලෙස උභය මහ විහාරයේ අති පූජනීය මහ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොටගත් ශ්‍රී ලංකාවේ තෛ්‍රනිකායික සමස්ත මහ සංඝරත්නය වෙනුවෙන් ඉල්ලා සිටින බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ පවසති.


කොළඹ විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින පූජා පින්කමේ දහවල් දානමය පින්කමට සහභාගි වෙමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.


'ශ්‍රී ලංකාවේ වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වය, ආර්ථික වශයෙන් රට පසුබා ඇති තත්ත්වය, සාමාජික සංස්කෘතික වශයෙන් යම් යම් බිඳ වැටීම්වලට ලක්වී ඇති තත්ත්වය ආදිය මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ. අපි යම් යම් දේවල් ප්‍රකාශ කරපුවාම ඒවා සමහර විට දෝෂදර්ශනයට ලක් වෙච්ච අවස්ථා තිබෙනවා. ඒ ගැන මා පෞද්ගලිකවම දැනට තිබෙන තත්ත්වය ගැන දන්නා නිසයි ඒ කාරණා සිහිපත් කළේ යනුවෙන්ද උන්වහන්සේ සඳහන් කළහ.


එහෙත් පාර්ලිමේන්තුවේ තිබෙන තත්ත්වය අසතුටුදායකයි කියලා සිහිපත් කරපුවහම එයින් මේ රටේ තියෙන වර්තමාන තත්ත්වය කුමක්දැයි කියලා පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබෙනවායි අනුනායක හිමිපාණෝ ප්‍රකාශ කළහ.


වර්තමාන අග්‍රාමාත්‍යතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති කරගෙන තමයි ජනාධිපතිතුමා ඔබතුමාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කළේ. ගැටලු තිබුණත් මේ සියල්ල විස¼දාගන්නට මහජනතාව ඉදිරියට යා යුතුයි කියලා වර්තමාන අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළ කාරණය මේ රටේ සමස්ත මහා සංඝරත්නයම අනුමත කරනවා කියලා සිහිපත් කරන්න කැමැතියි. මහ මැතිවරණයක් බැරි වුණොත් ජනමත විචාරණයක් හරි තියලා වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයෙන් රට මුදා ගන්න තැනට කටයුතු කරනවා නම් හොඳයි කියලා මේ උභ

ය මහ විහාරයේ අතිපූජ්‍ය මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන කොට ගත් ශ්‍රී ලංකාවේ තෛ්‍රනිකායික සියලු මහ සංඝරත්නය වෙනුවෙන් මේ වෙලාවේ බොහොම සැකෙවින් ප්‍රකාශ කරන්නට කැමැතියි' යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon