ගි්‍රප් ටු ගි්‍රප් වාර්ෂික කැරම් තරගාවලියේ කාන්තා ශූරතාව තෙවැනි වරටත් කොළඹට

  👤  2277 readers have read this article !
By mawbima 2018-11-19

කැලණිය විශවවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය විසින් 5 වැනි වරටත් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලයීය ආරාධිත විශ්වවිද්‍යාල 'ගි්‍රප් ටු ගි්‍රප්' වාර්ෂික කැරම් තරගාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාව නොකඩවා දෙවැනි වරටත් මොරටුව විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලද අතර කාන්තා කණ්ඩායම් ශූරතාව නොකඩවා තුන්වැනි වරට කොළඹ විශ්වවිද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

කැලණිය විශ්වවිද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පැවැති අතර පිරිමි අංශයේ අනුශූරතාව විවෘත විශ්වවිද්‍යාලයීය කණ්ඩායමටත් කාන්තා අනුශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට හිමි විය.

මොරටුව විශ්වවිද්‍යාලයේ මනුක අශේන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ ලිහිණි පෙරේරා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තාය.

මේ අතර මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සමගාමීව 5 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියේදී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට සහ එහිදී අනුශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායමට උපහාර දැක්වීමක් ද සිදුවිය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය ආර්.ඩී. කාලිංග මුදලි මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා කැරම් සම්මේලනය නියෝජනය කරමින් එහි සභාපති පරාක්‍රම බස්නායක මහතා සහභාගි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon