ගලකින් ගසා බන්ධනාගාර රැඳෙව්වකු මරලා

  👤  2315 readers have read this article !
By mawbima 2018-11-19

තංගල්ල - සහම්පති මානගේ

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකුට තවත් රැඳවියන් දෙදෙනකු විසින් ගලකින් ගසා පසුගිය 16 දා දහවල් ඝාතනය කර ඇතැයි අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 1999 වර්ෂයේදී සිදුවූ හෝකන්දර සය පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය නියමවී සිටි හෝකන්දර, උතුරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි අයකු වන මේනක සංජීව (39) නම් තැනැත්තාය. පසුගිය 16 දා දහවල් 12.30ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ.

තවත් පුද්ගල ඝාතනයන් දෙකකට වරදකරුවන් වී මරණ දණ්ඩනය හිමිවී සිටින මෙන්ඩිස් හා නිමල් නම් රැඳවියන් දෙදෙනා විසින් මෙම රැඳවියා ඝාතනය කර ඇතැයි අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.පී. ධම්මික මහතා කීය.

තංගල්ල හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි 1 අබේරාජ් ගම්ලත්, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරි ඩබ්ලිව්.පී. ධම්මික, සහකාර පොලිස් අධිකාරි බී.එම්.එම්. දහනායක, අඟුණුකොළපැලැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon