පසුගිය කාලයේ රට පාලනය කළේ මළ මිනී වගේ මිනිස්සු

  👤  2343 readers have read this article !
By mawbima 2018-11-19

'සමහරු ව්‍යවස්ථාව ඇස් වහගෙන සමහරු ඇස් ඇරගෙන ලිව්වා. ව්‍යවස්ථාවක් ක්‍රමානුකූලව හදාගන්න අපේ පාලකයන්ට වෙලාවක් තිබුණේ නැහැ. ව්‍යවස්ථාව හැදුවෙත් කුස්සියේ පැත්තේ ඉන්න මිනිස්සු. මළ මිනී වගේ මිනිස්සු තමයි පසුගිය කාලයේ රට පාලනය කළේ' යැයි ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ පැවැසූහ.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය කිරීමෙන් පසු මේ රටින් පැන ගිය ඇතැම් පිරිස් පසු කාලයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ රට පාලනය කිරීම හේතුවෙන් මෙවැනි ගැටලු ඇති වී තිබෙන බවත් එවැනි බහුභූතයන් පැමිණ මේ රට ගිනි තැබූ බවත් ඒ හිමියෝ පැවැසූහ.

ලංකාවේ සාමය නැති කිරීම සඳහා රටේ මෙවැනි දේශපාලන අර්බුදයක් ඇති කිරීම විදේශ රටවල කුමන්ත්‍රණයක් විය හැකි බවත් අවි ආයුධ, මත්ද්‍රව්‍ය වෙළෙ¼දාම් සිදුකරන විදේශ රටවල් සාමයෙන් ජීවත් වන ශ්‍රී ලංකාවේ අර්බුද මතු කිරීමට කුමන්ත්‍රණ සිදු කළා විය හැකි බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පෙරේදා (17දා) ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ගලබොඩ ඥාණිස්සර හිමියෝ වැඩිදුරටත් පවසා සිටියේ අපේ පාලකයන්ට රට, ගැන රටේ ජනතාව ගැන කිසිදු අවබෝධයක් නැති බවක් පෙනෙන්නට ඇති බවයි.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon