එජාප බහුතරය අගමැතිකමට සජිත්ව ඉල්ලයි

  👤  2988 readers have read this article !
By mawbima 2018-11-18

උපතිස්ස පෙරේරා

පාර්ලිමේන්තුවේ මේ වනවිට පවතින අර්බුදය නිමාවට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි එජාප ප්‍රබලයෝ පිරිසක් අවධාරණය කරති.

එජාපයේ ප්‍රබලයන් පිරිසක් ඇතුළු එජාප මන්ත්‍රි පිරිසක් පාර්ලිමේන්තුවේ උද්ගතවී ඇති අර්බුදයට පිළියම් යෙදීම පිළිබඳ පෙරේදා (16දා) අරලියගහ මන්දිරයේදී රැස්වී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඊට විසඳුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එජාපයේ බහුතරයක් මන්ත්‍රිවරුන්ගේ අදහස වී තිබේ.


පාර්ලිමේන්තුවේ බහුතරය නිසි ලෙස පෙන්නා රනිල් වික්‍රමසිංහ මහතා හැර එජාපයේ වෙනත් ඕනෑම අයකු අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 16දා පස්වරුවේ තමන් හමුවූ එජාපය ඇතුළු බොහෝ පක්ෂ නියෝජිතයන් පිරිසක් හමුවේ ප්‍රකාශ කර ඇති බැවින්ද, දැනට ඇති එකම විසඳුම අග්‍රාමාත්‍යවරයා වශයෙන් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීම බවද ඔවුන් පෙන්වාදී තිබේ.


එමෙන්ම රට පුරා එජාප පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් හා පාක්ෂිකයන් බහුතරයකගේ අදහසවී ඇත්තේද සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත්කළ යුතු බව යැයි සඳහන් කරන එජාප ප්‍රබලයන් ඇතුළු එජාප මන්ත්‍රින් බහුතරය, රට වෙනුවෙන් තමන් වෙත පැවරෙන කවර හෝ වගකීමක් භාර ගැනීමට තමන් සූදානම් බව පසුගිය 16දා ලිප්ටන් වටරවුමේදී පැවැති එජාප ජනතා රැලියේදී සජිත් ප්‍රේමදාස මහතා දුන් ප්‍රතිඥාව මෙහිදී නොසලකා හැරිය නොහැකි බවද එම පිරිස සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon