අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ මෙහෙමයි

  👤  2845 readers have read this article !
By mawbima 2018-11-18

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේදී අනුගමනය කළ යුතු තිරසර ක්‍රියාපටිපාටියක් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතුව තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එය පහත දැක්වෙන පරිදි විය යුතුය.


1. අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායකතුමාට භාරදිය යුතුය. ඒ සඳහා අවම වශයෙන් මන්ත්‍රිවරුන් 20 දෙනකු අස්සන් කළ යුතුය.
2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යනුකූලභාවය කථානායකතුමා විමසිය යුතුය.
3. එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කථානායකතුමාට දැනුම්දිය යුතුය.
4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (ර්ණීපඤඥප ඕධධඬ) ඇතුළත් කළ යුතුය.
5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රණය කර සියලුම මන්ත්‍රිවරුන්ට බෙදාහැරිය යුතුය.
6. වැඩ කරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජන කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
7. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුත්තකටදැයි තීරණය කළ යුතුය. (ඛ්ධථථඪබබඥඥ ධද ර්ථීචපතඪචථඥදබචපර ඕභඵඪදඥඵඵ ඩඥචඤඥඤ ඡර බඩඥ ඉනඥචඬඥප) මෙම කාරක සභාවේ මූලාසනය කථානායකතුමා ගන්නා අතර, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවලින් සමන්විත මන්ත්‍රින් කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුළත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකද නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තකයේ සඳහන් වී ඇති ආණ්ඩුවේ කටයුතුවල ප්‍රමුඛස්ථානය නියම කරන්නේ සභානායකවරයාය.
8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා සභානායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සඳහා ලබාදිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
9. එම දිනයේ න්‍යාය පත්‍රයට මෙම යෝජනාව ඇතුළත් කොට අදාළ දිනයේ විවාදයට ගන්නා බව දැනුම්දිය යුතුය.
10. එම විශ්වාසභංගය විවාද කිරීම සඳහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
11. අදාළ දිනයේ විවාදය පවත්වා ඡන්ද විමසීම සහ එය ප්‍රකාශ කළ යුතුය.
12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබඳ හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ස්ථාවර නියෝගවලටද පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටිවලට අනුකූලව සිදු කිරීමට පාර්ලිමේන්තුව වගබලා ගත යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon