මඩු රක්ෂිතයේ රහසිගතව කළ මහා පරිමාණ දැව ජාවාරමක් වටලයි

  👤  2412 readers have read this article !
By mawbima 2018-11-16

මුලතිව් - ශෂි කුමාර්


මන්නාරම් මඩු රක්ෂිතයේ ඉතා රහසිගතව සිදු කරගෙන ගිය දැව ජාවාරමක් වටලා දැව ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් හා කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ (15දා) අලුයම අත්අඩංගුවට ගත් බවට මඩු වන සංරක්ෂණ නිලධාරීන් කීය.


මඩු අඩවි වන නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පූර්වසන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ද සමඟ සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි වැටලීමකදී අදාළ දැව ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.


වැටලීම් සිදු කරන ලද අවස්ථාවේදී මඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත ගස් ඉරා එම දැව තොගය කැබ් රථයකින් හා ට්‍රැක්ටරයකින් මඩු රක්ෂිතය තුළදී ප්‍රවාහනය කරමින් සිටියදී දැව තොගයද සමඟ ට්‍රැක්ටරය සහ කැබ් රථය පැදවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


මඩු රක්ෂිතයෙන් රහසිගතව කපන ලද දැව ඉතා සූක්ෂ්මව වවුනියාව, මන්නාරම හා යාපනය යන දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය කිරීමට දැව ජාවාරම්කරුවන් සැලසුම් කොට තිබූ බවටද මඩු අඩවි වන නිලධාරීන්ට තොරතුරු ලැබී ඇත.


දැව ජාවාරම සිදු කළ සැකකරුවන් අද (15දා) දින මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මඩු අඩවි නිලධාරීන් වන අඩවි වන නිලධාරි එල්.ඒ. එස්. යාපා, බීට්ටු වන නිලධාරි එච්.කේ. ජී, ජයන්ත, වන ක්‍ෂේත්‍ර සහකාරවරුන් වන ටී.එම්. දිසානායක, ඒ.එල්. විජේරත්න, ජේ. ජෙනිස්ටන්, පූවර්සන්කුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් පරීක්ෂක පී.ඩී. උපනන්ද, උප පොලිස් පරීක්ෂක යූ.ඒ. සිල්වා, පොලිස් සැරයන් තරංග (39254), පොලිස් කොස්තාපල්වරුන් වන සේනාරත්න (17120) සහ චතුරංග (86886) යන අය සහභාගි වී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon