අවුරුදු දෙකහමාරක් වයසැති දියණිය බස් නැවතුම්පොළක දමා ගිය මව 26 දා තෙක් රිමාන්ඩ්

  👤  2604 readers have read this article !
By mawbima 2018-11-16

කුලියාපිටිය - ආර්.ඒ. විමලරුවන්


අවුරුදු 2 යි, 6 මාසයක් වයසැති තම කුඩා දියණිය 2016.05.31 වන දින කුලියාපිටිය ප්‍රධාන බස් නැවතුම්පළෙහි දමාගොස් වසර 2 යි, මාස 5 කට අධික කාලයක් වසන්වී සිටි 43 හැවිරිදි මවක් කුලියාපිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත කුලියාපිටිය පහළ ගලුගමව ග්‍රාම නිලධාරි කාර්යාලයට තම ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම සඳහා පැමිණ සිටියදී ඉකුත් 9 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතාගේ නියෝගය මත 26 වැනි දින දක්වා එම සැකකාරිය රිමාන්ඩ් භාරයට පමුණුවා ඇත.


සැකකාර මව, බන්ධනාගාරය මඟින් මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත්කොට වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණයෙන් නියම කෙරිණි.
සැකකාර මව, දැරිය බස් නැවතුම්පළේ දමායෑමෙන් එම දැරියගේ ජීවිතයට හානියක් වීමට පවා ඉඩ තිබුණු අතර, මව තම දියණිය කෘෘරත්වයට පත්කර ඇති මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් පවත්වාගෙන යන බවත් පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.


සැකකාරියගේ විවාහක සැමියා 2015.11.20 වන දින දුම්රියට ගෙල තබා සිය දිවි හානිකරගෙන ඇතැයිද රැකියාව සඳහා විදේශ ගතවූ සැකකාරිය එහිදී උපයාගත් මුදල් ඇය අනියම් සැමියා වෙත එවා තිබී ඇය මෙරටට පැමිණි පසු එම මුදල් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් අනියම් සැමියා ඇයගේ විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ගිනි තබා විනාශකර දමා ඇතැයිද අලුතින් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට ඇය ග්‍රාම නිලධාරි කාර්යාලය වෙත පැමිණ ඇතැයි ද පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් ස¼දහන් කර ඇත.


එහිදී ඇය පිළිබඳ යම් සැකයකට පත්ව ඒ බව කුලියාපිටිය පොලිස් - ප්‍රජා සම්බන්ධතා නිලධාරිනියක වෙත ග්‍රාම නිලධාරිවරයා දැනුම් දීමෙන් අනතුරුව ලද තොරතුරු මත කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එහිදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.


කුලියාපිටිය පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ හා ස.පො.අ. ගාමිණී මීගහකුඹුර මහත්වරුන්ගේ උපදෙස් හා කුලියාපිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති පො.ප. පුෂ්ප කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උ.පො.ප. සාවිත්‍රි සිරිමාන්න, පො.සැ. දයාරත්න (58527), කාන්තා පො.සැ. චන්දිමා (1275) යන නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon