පාර්ලිමේන්තුවේ අද රැස්වීම කඩාකප්පල් කිරීමට ඒකාබද්ධයේ සැලසුමක් ගැන තොරතුරු?

  👤  1230 readers have read this article !
By mawbima 2018-11-15

උපතිස්ස පෙරේරා

අද (15දා) පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී එය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම සූදානම් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එය ව්‍යර්ථ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ඊයේ (14දා) අරලියගහ මන්දිරයේ පැවැත්වූ එ.ජා. පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම තීරණයකට එළැඹ තිබේ.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායම කවර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත වුවද ඊට කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොදක්වා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහාය දිය යුතු යැයි එ.ජා.ප.යේ මන්ත්‍රි කණ්ඩායම තීරණය කර තිබේ. කිසියම් අයුරකින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් හෝ මන්ත්‍රිවරු පිරිසක් විනය විරෝධී ලෙස හැසිරුණහොත් ඔහුට හෝ ඔවුනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය කථානායකවරයා වෙත පැවැරී ඇති බවද එවැනි අවස්ථාවක හෝ ඊට කිසිදු මැදිහත් වීමක් නොවීමටද එහිදී තීරණය කර තිබේ. එමෙන්ම ඊයේ මෙන්ම අද දිනයේද ඔවුන්ගේ හැසිරීම පිළිබඳව වීඩියෝ පට ජාත්‍යන්තර මාධ්‍යයට මුදාහැරිය යුතු බවද එහිදී තීරණය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon