බැංකු ගිණුමකට මුදල් දැමූ පසු ගණිකාවන් සපයන ජාවාරමක කළමනාකරු සහ තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට

  👤  2720 readers have read this article !
By mawbima 2018-11-15

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු


දුරකථන සංවාද මඟින් තීරණය කර බැංකු ගිණුමකට මුදල් දැමූ පසු ගණිකාවන් සපයන සංවිධානාත්මක ජාවාරමක් පවත්වාගෙන යන එම ව්‍යාපාරයේ කළමනාකරුවකු සහ එම ඇණවුම් අනුව ගණිකා වෘත්තියේ යෙදීමට සූදානම්ව සිටි රූමත් තරුණියන් දෙදෙනකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් දහතුන්දෙනෙක් විසින් අත්ඩංගුවට ගන්නා ලදී.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීදුව රාජපක්ෂ පුරයේ පදිංචි චමින්ද අප්පුහාමි නමැත්තෙකි.


මෙම ගණිකා ජාවාරම දුරකථන මඟින් සිදු කරමින් ත්‍රිරෝද රථ මඟින් ගණිකාවන් අවශ්‍ය පුද්ගලයාට අදාළ ස්ථානයට ගෙන ගොස් ලබාදීම සිදු කරයි. එක් ගණිකාවක් සඳහා රු. 3,500ක් ගෙවිය යුතුය. අත්අඩංගුවට ගත් ගණිකාවන් 18 වැනි වියේ පසු වන රූමත් තරුණියන්ය. එම දෙදෙනා සීදුව සහ කොළඹ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.


මීගමුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා වැටලීම මෙහෙයවූ අතර පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා (82442), චතුරංග (31877), වන්නිනායක (37926), ගයාන් (82756), හපුවිට (88441), රොහාන් (80931) සහ කාන්තා පොලිස් සැරයන් අනුලා (6725) යන නිලධාරීහු මෙම වැටලීමට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon