කොස්ගොඩ තාරකගේ මව යළිත් රක්ෂිතයට

  👤  2611 readers have read this article !
By mawbima 2018-11-15

බළපිටිය - දම්සරී ලියනගේ


මාතර රන් භාණ්ඩ සාප්පුවක් කොල්ලකෑම සඳහා සිය නමට ලියා පදිංචි කර තිබෙන යතුරුපැදිය ලබා දුන් බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොස්ගොඩ තාරක නමැති අයගේ මව, 2018 නොවැම්බර් මස 21 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පෙරේදා (13දා) නියෝග කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර එහි ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.


මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නානතොට පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නමැති කාන්තාවයි.
පසුගිය ජුනි 22 දින මාතර නිලේකා ජුවලරි ආයතනය මංකොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි යතුරුපැදි තුනෙන්, එක් යතුරුපැදියක් සැකකාරියට අයත් බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තහවුරු කර ගත් බවද කොස්ගොඩ පොලිසියේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඍම්ඛ් _ 6227 අංකය දරන මෙම යතුරුපැදිය හොණ්ඩා ඉඛ වර්ගයේ එකක් බවද පොලිසිය කියයි.


සැකකාරිය, කොල්ලයේ ප්‍රධාන සැකකරු වන පාතාල නායක කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකගේ සහ ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22) යන අයගේ මව බවද කොස්ගොඩ පොලිසිය කියයි.


මොවුන් දෙදෙනාම කොල්ලයේදී පොලිස් වෙඩි පහරින් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔවුන් දෙදෙනා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටිති.


කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon