ෆවුසි, වඩිවේල් හා පියසේන සමඟ මනුෂ විපක්ෂයේ අසුන් ගනී

  👤  2615 readers have read this article !
By mawbima 2018-11-15

ඊයේ (14දා) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේ ෆවුසි අමාත්‍යවරයා විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක අසුන්ගත් අතර, ඊට මඳ වේලාවක් ගිය පසු පියසේන ගමගේද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අත්පොළොසන් හඬ මැද සභාව මැදින් පැමිණ විපක්ෂයේ අසුන්ගත්හ.

මේ අතර මීට පෙර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කළ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයාද ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගත්තේය.


අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට ජවිපෙ විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව රාජ්‍ය ඇමැතිවරුන් වූ පියසේන ගමගේ සහ ඒ.එච්.එම්. ෆවුසි සහ වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ද අස්සන් තබා තිබේ.


ජවිපෙ මන්ත්‍රිවරු 6 දෙනාද, එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරු 98 දෙනා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් 14 දෙනාද යෝජනාවට පක්‍ෂව අස්සන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon