මඩමාරච්චි ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් පෞද්ගලික ඉඩම් යළි අයිතිකරුවන්ට

  👤  729 readers have read this article !
By mawbima 2018-11-14

ලක්ෂ්මී ජයකොඩි


යාපනය වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ වනජීවී දෙපාර්තමේන්තුව අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් සියල්ල එම ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.


මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා අදාළ බලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කොට තිබේ.


තවද මෙම ඉඩම් පිළිබඳ වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී ඇත.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ඉඩම්වල අයිතිකරුවන් එම අයිතියට අදාළ ලේඛන බලධාරීන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon