ජර්මන් කතගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන්

  👤  762 readers have read this article !
By mawbima 2018-11-14

කල්තොට - එස්. වීරවංශ,
බළන්ගොඩ - පියසේන එන්. හේවගේ


පසුගිය 11 වැනිදා ලෝකාන්තයෙන් පහළට වැටුණු ජර්මන් ජාතික කාන්තාවගේ මළසිරුර පෙරේදා (12දා) අලුයම 1.30ට පමණ පොලිසිය, හමුදාව සහ වනජීවී නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දරා බළන්ගොඩ මූලික රෝහලට ගෙන ගොස් භාරදී ඇත.


ලෝකාන්තයේ පහළ කොටසේ අඩි 600 පමණ ප්‍රපාතය පාමුල තිබූ මෙම සිරුර ගෙන ඒමට ප්‍රදේශයේ පැවැති තද මීදුම තදින්ම බලපෑමක් ඇති කර තිබේ.
ජර්මන් තානාපති කාර්යාලය මඟින් බළන්ගොඩ අධිකරණය හරහා ලබාගත් නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අදාළ සිරුර කොළඹ ප්‍රධාන මල්ශාලවකට භාරදීමට ඊයේ (13දා) බළන්ගොඩ පොලිසිය කටයුතු කළේය.


ජුලියා එල්ගා නමැති (35) මෙම කාන්තාව සෙල්ෆි ඡායාරූයක් ගනිමින් සිටියදී මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon