ශ්‍රී ලනිපය සමඟ ප්‍රශ්න ඉවරයි: එකතු වී ජයග්‍රහණය කරනවා

  👤  2130 readers have read this article !
By mawbima 2018-11-14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක සන්ධානයක් යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කිසිදු විරසකයක් නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එකට එක්ව සිටින බවත් අගමැතිවරයා කීය.

 

ශ්‍රී ලනිපය සමඟ තිබූ ප්‍රශ්න අවසාන වී ඇති නිසා ශ්‍රී ලනිපය සමඟ එකට එක් වී මැතිවරණය ජයග්‍රහණය කරන බවද මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැවැසීය.


පෙරේදා (12දා) සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් හමුවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon