අපේ බහුතර බලය අද පෙන්වනවා

  👤  2143 readers have read this article !
By mawbima 2018-11-14

නුවන් හෙට්ටිආරච්චි

ජනාධිපතිවරයාගේ නියමය පරිදි අද (14දා) රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ බහුතර බලය පෙන්වීමට සූදානම් බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධව ශේ‍ර්ෂ්ඨාධිකරණය ඊයේ (13දා) ලබා දුන් තීන්දුවත් සමඟ මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට ඉඩ කඩ ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගරු කරන බවත් සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාවට පයින් ගසා ජනාධිපතිවරයා සිදු කිරීමට ගිය නීති විරෝධී වැඩපිළිවෙළ මෙයින් ඇනහිටි බවයි.


ජනතාවගේ පරමාධිපත්‍ය ඒ නිසා ආරක්ෂා වූ බවත්, පාර්ලිමේන්තුවේ බලයත්, ගරුත්වයත් එයින් ආරක්ෂා වූ බවත් සඳහන් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කථානායකවරයාටද මෙම ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙළට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව ප්‍රශංසා කරන බවයි.


කෙසේ වුවද කථානායකවරයාගේ නියමය පරිදි අද (14දා) දින පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්, ඊට එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගි වී බහුතර බලය පෙන්වීමට සූදානම් බවත්, තවදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon