වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය සුපර් ලීග් ශූරතා මාස්ට

  👤  2097 readers have read this article !
By mawbima 2018-11-14

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් 7 වැනි වරටත් සංවිධානය කරන ලද වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව මාස් ක්‍රීඩා ලිෂර්ලයින් කණ්ඩායම විසින් දිනා ගනිද්දී එහි කාන්තා අංශයේ ශූරතාව මාස් කැෂුවලයින් කණ්ඩායම විසින් දිනා ගැනීම කැපී පෙණුණි. තවද සුපර් ලීග් පිරිමි අනුශූරතාව ටීජෙ ලංකා සමාගමටත් කාන්තා අනුශූරතාව මීරිගම බ්‍රැන්ඩික්ස් ෆැෂන් කණ්ඩායමටත් හිමි විය.

මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාව දුටු මෙම තරගාවලියේ අවසන් වටයේ තරගවලදී සුපර් ලීග්, ශූරතා කුසලාන සහ 'ඒ' කොටස වශයෙන් කාණ්ඩ 3ක් යටතේ තරග පැවැත්විණි. ඒ අනුව ශූරතා කුසලාන කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව එක්ස්පෝ ලංකා පෞද්ගලික සමාගම් කණ්ඩායම වට 3-0ක් ලෙසින් පරාජයට පත් කළ ඕෂන් ලංකා පෞද්ගලික සමාගම් කණ්ඩායමට හිමි වූ අතර එහි කාන්තා අංශයේ ශූරතාව මාස් කැෂුවලයින් ක්‍රීඩිකාවන් විසින් දිනා ගන්නා ලදී.

තවද 'ඒ' කොටසේ පිරිමි අවසන් තරගයේදී එස්කිමෝ ෆැෂන් කණ්ඩායම වට 3-0කින් පරාජයට පත් කළ ඔමේගා ලයින් කණ්ඩායමට එහි ශූරතාව හිමිවෙද්දී කාන්තා අවසන් තරගයේදී පානදුර මාස් යුනිචෙලා කණ්ඩායම වට 3-0ක් ලෙසින් පරාජයට පත් කළ මැලිබන් බිස්කට් ආයතන කණ්ඩායමට එහි ශූරතාව හිමි විය.

මේ අතර මාස් ක්‍රීඩා ලිෂර්ලයින් කණ්ඩායමේ ඩිලන්ත සම්පත් සුපර් ලීග් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත් අතර මාස් කැෂුවලයින් ක්‍රීඩිකා තක්ෂිලා මධුරංගි එහි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තාය. එමෙන්ම ශූරතා කුසලාන කාණ්ඩය නියෝජනය කළ ඕෂන් ලංකා කණ්ඩායමේ ගයාන් මල්ලිකාරත්න එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සහ මාස් කැෂුවලයින් කණ්ඩායමේ රෂ්මි දිල්හානි එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තාය. 'ඒ' කොටසේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් මැලිබන් බිස්කට් සමාගමේ කසුරි ලක්ෂිකා සම්මාන දිනා ගනිද්දී ඔමේගාලයින් කණ්ඩායමේ ෂෙහාන් පියුමාල් එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon