සුපර් සන්ස්ට එරෙහිව කලම්බු එෆ්.සී. ජයගනී

  👤  2098 readers have read this article !
By mawbima 2018-11-14

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව සංවිධානය කරනු ලබන 'ඩයලොග් චැම්පියන්ස් ලීග් 2018' පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරගයකදී සුපර් සන් කණ්ඩායමට එරෙහිව ගෝල 8-0ක දැවැන්ත ජයක් වාර්තා කරන්නට කලම්බු එෆ්.සී. කණ්ඩායම සමත් විය.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේදී කලම්බු එෆ්.සී. වෙනුවෙන් බොඩ්රික්ස් දිමිත්‍රි ගෝල ත්‍රිත්වයක් ලබාගත් අතර මොහොමඩ් රිෆ්නාස් ගෝල ද්විත්වයක්ද මොහොමඩ් ආකිබ්, මොහොමඩ් ෆසාල් හා සෆ්‍රාන් සත්තර් ගෝලය බැගින් ලබාගැනීමට සමත් විය.

මේ අතර වැලිසරදී පැවැති නාවික හමුදා-නිගම්බු යූත් තරගයෙන් ගෝල 4-1ක ජයක් නාවික හමුදා කණ්ඩායමට හිමි වූ අතර කළුතරදී පැවැති බ්ලූ ස්ටාර්-අප් කන්ටි්‍ර ලයන්ස් තරගයෙන් ගෝල 2-1ක ජයක් බ්ලූ ස්ටාර්ස් කණ්ඩායමට හිමි විය.

තවද මාතර සිටි-රත්නම් තරගය ගෝල 1-1ක් ලෙසත්, ක්‍රිස්ටල් පැලස්-ඩිෆෙන්ඩර්ස් තරගය ගෝල 3-3ක් ලෙසත් සෝන්ඩර්ස්-ජාවා ලේන් තරගය ගෝල 4-4ක් ලෙසත් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම මෙවර සති අන්තයේ තරගවලදී සිදු වූ විශේෂිතම සිදුවීමක් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon