ඉදිරි මැතිවරණයේදී කඳුරට ජාතික පෙරමුණේ සහාය අගමැති මහින්ද පුමුඛ සන්ධානයටයි

  👤  2135 readers have read this article !
By mawbima 2018-11-14

වටවල - සී.ඩී.එච්. හේවගේ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී කඳුරට ජාතික පෙරමුණ, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය සහිත සන්ධානයට පූර්ණ සහාය දක්වන බව එම පෙරමුණේ නායක ආචාර්ය රිෂි සෙන්දිල් රාජ් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් නිවෙසේදී මාධ්‍ය වෙත කරුණු දැක්වූ රිෂි සෙන්දිල් රාජ් මහතා මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු තවත් පක්ෂ කීපයක් සමඟ සන්ධානගතව තරග කරන බව කීය.

ඔහු එහිදී මෙසේද කීය.

"එම සන්ධානයට කඳුරට ජනතා පෙරමුණද එක්වන අතර මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මෙම සන්ධානය විශිෂ්ට ලෙස ජය ගන්නවා.

අද මේ රටේ අති බහුතර ජනතාවකගේ එකම බලාපො-රොත්තුව මහින්ද රාජපක්ෂ මහතායි. එම නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවර-ණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ සන්ධානයේ ජය වළක්වන්න බැහැ.

පළාත් පාලන ඡන්දය මෙන්ම පළාත් සභා ඡන්ද නිසි ලෙස පවත් වන්නේ නැතිව විවිධ දේ පවසමින් එම ඡන්ද කල් දැමූ එක්සත් ජාතික පක්ෂය මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයට පවා බයයි.

මේ වනවිට තමන් කැමැති පිරිසකට මේ රටේ පාලන බලය ලබා දෙන්න ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. එම නිසා දැන් අපිට බලාගන්න පුළුවන් කාටද මේ රටේ ජනතාවගේ බහුතරය තියෙන්නේ කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon