මොන ආණ්ඩුව ආවත් ඔවුන්ගේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය විකිණීමයි

  👤  2114 readers have read this article !
By mawbima 2018-11-14

සවනි ශේශාධි

ඡායා - සස්සඳ ලියනආරච්චි

එක් ආණ්ඩුවක් පෙරළාගෙන බලයට පත්වන කවර ආණ්ඩුවක් වුවද කරනුයේ නිදහස් අධ්‍යාපනය විකිණීමට ප්‍රතිපත්ති සැකසීම යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය පවසයි.
රටේ මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කිරීමට පාලකයන් සැරසෙනවා නම් ශිෂ්‍ය ප්‍රජාව ඒ වෙනුවෙන් අරගල කරනවායි ඊයේ (13දා) සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
මහ බැංකු වාර්තාවලට අනුව මෙරට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණය ඉතා අඩු අගයක් ගන්නා නිසාම දිගින් දිගටම ප්‍රතිපාදන කප්පාදු කිරීම ඔස්සේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාලවල පවතින අධ්‍යයන සහ සුබසාධන ගැටලු සම්බන්ධයෙන් පසුගිය වකවානුව පුරාම ලිපි යොමු කළද, ඒවා පිළිබඳ බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකළ බවත් අඩුතරමේ තම ඉල්ලීම් වෙනුවෙන් විරෝධතා පා ගමනින් පැමිණ සාකච්ඡා ඉල්ලා සිටියද කිසිදු බලධාරියකු ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර නොදැක්වූ බවත් පැවසූ හෙතෙම චෝදනා කළේ ආණ්ඩු මාරු වුවද විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට තවමත් විසඳුමක් නොමැති බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු ගණනාවක් තිබියදී ඒවාට විසඳුම් නොදෙන පාලකයන් විශ්වවිද්‍යාල තුළ උපාධි මුදලට විකිණීමට පිඹුරුපත් සකසමින් සිටින බවද, සෞන්දර්ය විශ්වවිද්‍යාල හිසරදයක් යැයි කියූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ රතු එළි දල්වමින් මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේත් මුදලට උපාධි විකිණීම ආරම්භ කොට ඇතැයිද හෙතෙම පවසයි.

විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනාටම මහපොළ ශිෂ්‍යාධාර දෙන බව පැවැසුවද, මහපොළ හිමි සිසුන්ටද විවිධ හේතුන් දක්වමින් මහපොළ ශිෂ්‍යාධාර වාරික කපාදමන බවටද හෙතෙම චෝදනා කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon