සජිත් කියන්නේ දුර්වල නායකයෙක්

  👤  3208 readers have read this article !
By mawbima 2018-11-14

සජිත් ප්‍රේමදාස කියන්නේ දුර්වල නායකයෙක්. දිස්ත්‍රික්කයවත් දිනවන්න බැරිවුණ එතුමා කොහොමද රටක් දිනවන්නෙ. සජිත් ඉදිරි මැතිවරණයට තරග වැදුණත් එය පොදුජන පෙරමුණට අභියෝගයක් වෙන්නේ නෑ.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ අත්තනගල්ල කාඹුරාගල්ල ප්‍රදේශයේ පැවැති අත්තනගල්ල පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

වැඩිදුරටත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවැසීය.

ජනතාවගේ හදවතේ තියෙන පක්ෂය තමා පොහොට්ටුව. ඒ නිසා මේ වෙද්දි අපි සාකච්ඡා කරමින් සිටිනවා ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කරමුයි කියලා. හෙට දවස වෙද්දි අපට ඒ තීන්දුවට එන්න පුළුවන් වෙයි. දේශපාලනයේ හැමදාම ගැටුම් තියෙනවා. කවදාවත් හොඳ විදියට යන්නෑ. ගැටුමෙ අවසානය ජය්‍රහණයක් ලැබෙනවා.

පසුගිය දිනවල දේශපාලනයේ ඇතිවුණ පෙරළියට මම එකඟවුණ කෙනෙක් නෙමේ. නමුත් මහින්ද මහත්තයව බිල්ලට දෙන්න මම කැමැති වුණේ නෑ. මහින්ද මහත්තය රට වෙනුවෙන් බිල්ලට ගිහින් අගමැති වෙලා බහුතරය පෙන්නන්න පුළුවන්කම ලැබිලත් මෛත්‍රි මහත්තයයි මහින්ද මහත්තයයි ඡන්දයකට යන්න ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා. රටේ ජනතාව බලාපොරොත්තු වුණෙත් ඒ දේම තමා. ජනතාවගේ ඒ බලාපොරොත්තුව තමා මගෙත් වුවමනාව වුණේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අපිත් එක්ක එකතු වෙලා තියෙන නිසා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් මේ වෙලාවේ අපිත් එක්ක එකතුවෙලා කටයුතු කරයි කියලා අප විශ්වාස කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෝ 21ක් ඉන්නවා. තේරෙන්නෙ 18යි. ඒ 18 දෙනාගෙන් අනිවාර්යෙන්ම පොහොට්ටුවෙන් 13 දෙනෙක් පාර්ලිමේන්තුවට යනවා කියලා මම විශ්වාසයෙන් කියනවා.

ඉදිරි මැතිවරණයේදී උතුරේ කණ්ඩායමක් අප වෙනුවෙන් පෙනී හිටින්න කටයුතු කරනවා. පසුගියදා 113 පෙන්නන ගිය වෙලාවෙත් ටී.එන්.ඒ. එකේ මන්ත්‍රිවරයෙක් අපත් සමඟ එකඟ වෙලා තිබුණා. ඒ නිසා උතුරු නැඟෙනහිර ඇතුළු රටේම බලය මහින්ද මහත්තයට ලබාදෙන්න මේ වෙද්දි කටයුතු සූදානම් වෙලා තියෙනවා. ප්‍රතිඵලය නිකුත් වෙනකොට තුනෙන් දෙකේ බලයෙන් මහින්ද මහත්තයා මේ රටේ අගමැති වෙලා තියෙයි.

වේයන්ගොඩ - ඉන්දික තුෂාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon