එජාපය මහ මැතිවරණයට බය වෙලා උසාවි යනවා

  👤  2218 readers have read this article !
By mawbima 2018-11-14

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනවා කියමින් විලාප නැඟූ යූඇන්පීය අද මැතිවරණයක් ලබාදෙමින් ජනතා කැමැත්තට ඉඩ දුන් විට ඊට එරෙහිව උසාවි යන බව කියන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට බයවී ඇති නිසා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රි බද්දේගම සමිත හිමියෝ පැවැසූහ.

පෙරේදා (12දා) පෙරවරුවේ බද්දේගම, සන්දරවල උන්වහන්සේගේ කාර්යාලයේ පැවැති ජනහමුවකට එක්වෙමින් උන්වහන්සේ ඒ බව පැවැසූහ.
එහිදී සමිත හිමියෝ මෙසේද පැවැසූහ.

ජනතාව පීඩාවට පත්කරමින් වසර 3 1/2ක් තිස්සේ මැතිවරණ සිතියම අකුළාගෙන රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය අද මැතිවරණයට බය වෙලා අන්දමන්ද වෙලා කෑගහනවා. රටේ ජනයාට දුන් පීඩාවට එරෙහිව ජනතාව පෙළ ගැහෙන බව එජාපය දන්නවා. මේ රටේ සිදුවණු ලොකුම හොරකම, මහ බැංකු මුදල් මංකොල්ලයට රනිල් වික්‍රමසිංහ වගකිවයුතුයි කියලා බැඳුම්කර කොමිසම දාන්නත් ඉස්සෙල්ලා මමයි ප්‍රකාශ කළේ. අද ඒ බව ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා එයාලා ජනතාව ඉදිරියට එන්න බයයි.

දැන් මැතිවරණයක් ලැබිලා තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මේ මැතිවරණය අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනවා. ඒ ගැන කවුරුත් සැක කරන්න එපා. තමුන්නාන්සේලා ඒ සඳහා උදේ‍යාගයෙන් බලා සිටින බව අපි දන්නවා.

සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැඟීමයි අපේ එකම බලාපොරොත්තුව.

අපි හොඳ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගත යුතුයි. ඒ සඳහා අප වටා එකතු කර ගතහැකි සියලු බලවේග එකතු කරගෙන සමඟියෙන් යුතුව මැතිවරණ නීති උල්ලංඝනය නොකර සාමකාමීව මැතිවරණයට මුහුණ දෙමු.

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon