සමෘද්ධි සහනාධාරය දිය යුත්තේ පාක්ෂිකයන්ට නොව උදවු අවැසි අයටයි -විමල් වීරවංශ

  👤  2122 readers have read this article !
By mawbima 2018-11-14

උපතිස්ස පෙරේරා

සමෘද්ධි සහනාධාර ලැබිය යුත්තේ දේශපාලන කාරණා මුල්කරගෙන නොව හුදෙක්ම ඔහුගේ හෝ ඇගේ දුගීභාවය මත පමණක් පදනම් කරගෙන බැවින් සමෘද්ධිලාභීන් තෝරා ගැනීමේදී සලකා බැලිය යුත්තේ ඔවුන්ගේ පක්ෂය හෝ දේශපාලනය නොව සැබැවින්ම ඔවුන්ගේ දුගී දුප්පත්කම පමණක් බව නිවාස හා සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඔවුන්ගේ දුගී දුප්පත්කම හේතුවෙන් කිසියම් දේශපාලන ග්‍රහණයන්ට කරගසන්නට ඔවුන්ට සිදු විය හැකි නමුත් අපේ අරමුණ විය යුත්තේ ඔවුන් ගිලී සිටින දුගී දුප්පත් භාවයෙන් ඉවත් කර ඔවුන්ට හොඳ සමාජ තත්ත්වයක් උදාකරලීම බව අප අමතක නොකළ යුතු යැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එමෙන්ම දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් ලක්ෂ 14කගේ අගහිඟකම් දුරලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඇමැතිවරයා ඔවුන්ගේ දුගීභාවය දේශපාලන උපකරණයක් සේ නොසලකා එම පවුල් ලක්ෂ 14ට හැකි උපරිම අයුරින් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට සමෘද්ධි ව්‍යාපාරයේ ඉහළ තලයේ සිට පහළ තලය දක්වා සෑම කෙනෙක්ම කැපවී කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

සුබ සාධන අමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසු සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි අමාත්‍යාංශයේදී පවත්වනු ලැබූ පිළිගැනීමේ අවස්ථාවට ඊයේ (13දා) පස්වරුවේ සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon