මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ ජංගම ඉරුම් පට්ටලයක් සොරා ගැනීමේ සිද්ධිය කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැක පස් දෙනකු අත්අඩංගුවට

  👤  2142 readers have read this article !
By mawbima 2018-11-14

චාමර අමරසූරිය

මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ ඉරුම් පට්ටලයක් සොරා ගැනීමේ සිද්ධියකට අදාළව මහියංගණය පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සිද්ධිය දින එම මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂණ රාජකාරිවල නිරත වෙමින් සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

එසේම මීට අදාළ එම අධිකරණයේ සේවකයකු සහ තවත් පිටස්තර පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි. පෙරේදා (12දා) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන මහියංගණය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම සොරකම ඉකුත් 07 වැනි දින සිදු තිබිණි.

බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජේ. පලිහක්කාර, බදුල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි අයි.ඩබ්ලිව්.ජී.ආර්. කන්දෙවත්ත යන මහත්වරුන්ගේ සෘජු අධීක්‍ෂණය හා උපදෙස් මත මහියංගණය පොලිසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon