යතුරුපැදිය ගවයකුගේ ගැටී මව මරුට පියා හා පුතුට බරපතළ තුවාල

  👤  2190 readers have read this article !
By mawbima 2018-11-14

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්

ඊයේ (13දා) අම්පේගම - බද්දේගම මාර්ගයේ වෑනියරවෙල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පාර හරහා දිව ආ හරකුගේ ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තිදෙනා බරපතළ තුවාල ලබා බද්දේගම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බද්දේගම බැප්ටිස් ගම්මානයේ පදිංචිව සිටි නිරෝෂා පෙරේරා (42) නමැති තිදරු මවකි. ඇය සිය සැමියා සමඟ අසනීපව සිටි සිය දරුවාට ප්‍රතිකාර ලබාගැනීම සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. තුවාල ලබා සිටි ඇයගේ සැමියා සහ සය හැවිරිදි දරුවා මේ වන විට කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. අනතුර සිදුවන අවස්ථාවේ තිදෙනාම හිස්වැසුම් නොපැලඳ සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසෝක ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.එච්. එල්.කේ. එස්. වික්‍රමසූරිය, පො.සැ. ආනන්ද (19808), පො.සැ. පින්නදුව (55268) යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon