මහින්ද පස්සා ‍ෙදාරෙන් ගිහින් අගමැතිකම භාරගත්තාට මම විරුද්ධයි

  👤  3352 readers have read this article !
By mawbima 2018-11-13

මහින්ද රාජපක්ෂ මහතා පිටුපස ‍ෙදාරෙන් අගමැති වුණු එකට මම විරුද්ධයි. මට අවශ්‍යව තිබුණේ ඡන්දයකින් දිනල මහින්ද රාජපක්ෂ මහතා ගෞරවනීය විදියට ඉස්සරහ ‍ෙදාරෙන් අගමැති වෙනවා දකින්න. ඒක මගේ හිතේ තිබුණ ලොකු ආශාවක්. මේ විදියට අගමැතිකම ගත්ත එකට සදාචාරාත්මකවත් මම කැමැති නැහැ.

දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව අමතමින් දිඹුලාගල නාමල් පොකුණ විහාරස්ථානයේ පැවැති ජන හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් නායක හිටපු මන්ත්‍රි රොෂාන් රණසිංහ පැවැසීය.

රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය.

දිඹුලාගල ප්‍රාදේශීය සභා හිටපු සභාපති ජගත් සමරවික්‍රම මහතා ඇතුළු මෙහි පැමිණ සිටින මන්ත්‍රිවරු මමත් මහින්ද රාජපක්ෂ මහතාත් අමතක නොකර රාජ්‍ය බලය ඉදිරියේ දණගහන්නේ නැතිව මා සමඟ එකට සිටිය බව මම දන්නවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ජපානෙට ගිය අවස්ථාවේ නාමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ බිරියට කතා කරලා රොෂාන් මට සම්බන්ධ කරලා දෙන්න කීවාම මම කාටවත් කතා කළේ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා බහුතරයක් සමඟ පිටුපස ‍ෙදාරෙන් අගමැතිකම ගත්ත එකට සදාචාරාත්මකව මම කැමැති නැහැ. 75%ක ජන බලයක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ජන නායකයා කරන්න තමයි පොළොන්නරුවේ ජනතාව සමඟ මම විධායක ජනාධිපතිතුමාට විරුද්ධව සටනක් කළේ.

මහවැලි සංවර්ධන ඇමැතිකම ජනාධිපතිතුමා ළඟ තියාගෙන ජනතාවට වැඩ කරනවා වාගේම පොළොන්නරුවේ අහිංසක ජනතාවට සේවය කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක මහවැලි සංවර්ධන කැබිනට් ඇමැතිකම මට අවශ්‍ය බව නොබියව ප්‍රකාශ කරනවා.

පොළොන්නරුවේ 50%ක් ජනතාව පොහොට්ටුවට කැමැතියි. පොහොට්ටුවෙන් මිසක වෙනත් ලකුණක් යටතේ ඡන්දය ඉල්ලන්න සූදානම් නැහැ. විධායක ජනාධිපතිතුමා සමඟ එතුමාගේ ආසනය තුළ මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ නායකයෙක් කරන්න සටන් කරපු බව මුළු ලංකාවම දන්නවා. එම නිසා පොහොට්ටුවෙන් ජයග්‍රහණය කරලා පොළොන්නරුවෙන් අංක 1 බවට පත් වෙනවා.

නව මැදගම - ශාන්ත වෙලගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon