අපේ මන්ත්‍රිවරුන් දේශපාලන ඉත්තන් කරගන්න බැහැ

  👤  2791 readers have read this article !
By mawbima 2018-11-13

දේශපාලනමය ඉත්තන් වශයෙන් තම පක්ෂය බිලීබා ගැනීමට සිතූ පාර්ශ්වයට හොඳ පිළිතුරක් ලබාදීමට හැකි වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පසුගිය දිනවල මක්කම ආගමික සංචාරයක නිරතවීමෙන් පසු දිවයිනට පැමිණි අතර ඉන් අනතුරුව ගුවන්තොටුපොළේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රටේ විධායකය විසින් රටේ ව්‍යවස්ථාදායකයට පවතින අයිතිය ඉතා වුවමනාවෙන්ම උදුරා ගනිමින් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු වන මෙම ක්‍රියාදාමය ඉතාම භයානකයි. ඒ වගේම රටේ ස්ථාවරභාවයට විශාල අභියෝගයක්. මේ අවස්ථාවේ අපි අපගේ අයිතීන් රැකගැනීමට ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා යුතුයි.

ව්‍යවස්ථාවේ තිබූ අර්බුදය විස¼දා ගැනීමට ව්‍යවස්ථාවේ පැහැදිලි වගන්ති තිබුණා. එහෙත් පාර්ලිමේන්තුවත් විසුරුවා හැරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම තමන්ට වුවමනා පරිදි අර්ථකථන කිරීමට යෑම පිළිබඳව මම කනගාටු වෙනවා. මේ නිසා මේ අර්බුදය විසඳිය හැක්කේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට විතරයි.

පවතින අස්ථාවරභාවයට විසඳුම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නම් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවමයි. ඒ සඳහා වූ ක්‍රියාදායමයකට අප යා යුතුයි. අපේ අදහස වී තිබෙන්නේ දැන් තිබෙන්නේ ආණ්ඩුවක් නෙවෙයි.

එය නීති විරෝධී ආණ්ඩුවක්. මින් ඉදිරියට පැමිණෙන මැතිවරණයකට ස්වාධීනව තරග කොට පසුව කවර ආණ්ඩුවකට සහයෝගය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබ¼දව තීරණය කරනවා. මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ කතාවක් දැන් වෙලා තිබෙන්නේ. ඇතැම් දේශපාලනඥයන් කොයිතරම් ජේ‍යෂ්ඨ වුණත් ඉතා පහත් නින්දිත කතා තමයි කියන්නේ. වර්තමානයේ පත් වුණු අමාත්‍යවරයෙක් පවසා තිබෙනවා ඔවුන් අපිව මක්කම යැව්වා කියලා. එසේම අපි ඇවිත් ඔවුන්ට සහාය දෙන බව පැවැසුවාලු. එසේ සහාය නොදුන්නොත් මන්ත්‍රිවරු බිලී බාගන්නත් සූදානමක් තිබෙන බව පවසා තිබෙනවා. අපිව හෑල්ලුවට ලක් කළා. එයට අපි හොඳ පිළිතුරක් ලබා දුන්නා.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon