දකුණේ බලලෝභී දේශපාලනය තුළ අපේ ප්‍රශ්නවලට විසඳුම් නෑ

  👤  2723 readers have read this article !
By mawbima 2018-11-13

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමට පෙර සියලු දෙමළ දේශපාලන පක්ෂ එක මිටකට ගැනීමට උත්සාහ කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පවසයි.

යාපනයේ දෙමළ මාධ්‍ය විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සම්පන්දන් මහතාගෙන් කරුණු විමසූ විට ඔහු මෙසේ පවසා ඇත.

එහිදී සම්පන්දන් මහතා මෙසේද පැවැසීය. දකුණේ ආණ්ඩු මේ රට තුළ සිටින දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට වඩා ඔවුන් බලයට පත්ව ඒ බලය ර¼දාපවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටින බව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට මේ දක්වා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයක්.

දකුණේ පවතින බලලෝභී දේශපාලනයක් තුළ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් හිතුමතේට බලය සොයාගෙන යන ගමනක නිරතව සිටිනවා.

මේ දේශපාලනඥයන් උදේ ප්‍රකාශ කළ දේ දහවල් කාලයට වෙනස් කරන පිරිසක් වෙලා. මේ අය කියන කරන දේවල් විශ්වාස කළ නොහැකියි.

එක් දේශපාලන පක්ෂයකට විශාල බලයක් ලබාගෙන ඉතා ශක්තිමත් හා තනි ආණ්ඩුවක් පිහිටුවීමට මෙවරත් හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ නිසා ආණ්ඩුවක් කරගෙන යෑමට මීළඟ අවස්ථාවේදීත් සුළුජන පක්ෂවල සහාය අනිවාර්යෙන්ම ලබාගැනීමට සිදුවෙනවා. මේ තත්ත්වය සියලුම දෙමළ දේශපාලන පක්ෂ තේරුම් ගත යුතුයි. මේ අවස්ථාවේදී උතුරෙන් සිදුවිය යුත්තේ නව දේශපාලන පක්ෂ පිහිටුවමින් දෙමළ දේශපාලනඥයන් භේදභින්න කිරීමත් දෙමළ ජනතාව භේදභින්න කිරීමත් නොවෙයි. උතුරු නැඟෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීමට හැකි නව දේශපාලන විසඳුමක් සොයා ගැනීමයි. මේ උත්සාහයේදී දෙමළ ජනතාව ලබාදෙන බලය, එක්තැනකට ලබා දෙන ඒ බලය ඔස්සේ ආණ්ඩුවෙන් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීමට සෑම දෙමළ දේශපාලනඥයකුම කටයුතු කළ යුතු වෙනවා.

දැනට ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එකට එකතු කිරීමේ උත්සාහයක් මෙවර නාම යෝජනා ලබාදීමට පෙර සිදු විය යුතුයි.

මේ පණිවුඩය සියලුම දෙමළ දේශපාලන පක්ෂ අතරට මේ වනවිට යැවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ ඇති බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන දෙමළ දේශපාලන පක්ෂ ඉතා සාධනීය අන්දමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිනවා.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon