බන්ධනාගාර කොමසාරිස් ජයසිංහ නිවෙස ඉදිරිපිට බෝඩ් එකක් ගසාගෙන කසිප්පු පෙරලා මාට්ටුවෙයි

  👤  273 readers have read this article !
By mawbima 2018-11-09

කුමුදු උපුල් ශාන්ත

'බන්ධනාගාර කොමසාරිස් ජයසිංහ' නමැති නාම පුවරුවක් සිය නිවෙස ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා මහ පරිමාණයෙන් කසිප්පු ජාවාරමක් කරගෙන ගිය සැකකාර පුද්ගලයකු මෙම 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය ඊයේ (8දා) නියෝග කළාය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහරගම මිල්ලගහවත්ත ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රේමකුමාර නමැත්තෙකි.

කිසියම් පුද්ගලයකු සිය නිවෙස ඉදිරිපිට 'බන්ධනාගාර කොමසාරිස් ජයසිංහ' නමැති නාම පුවරුවක් සවිකරගෙන මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කිරීමේ ජාවාරමක් කරගෙන යන බවට වලාන දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කර ඇති විමර්ශනයකින් පසු සැකකාර පුද්ගලයා එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉහත කී දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එකී වැටලීම කිරීම සඳහා එම සැකකරුවාගේ නිවෙසට ඇතුළු වූ අවස්ථාවේ සැකකාර පුද්ගලයා එම නිලධාරීන්ට පවසා ඇත්තේ ඔහුගේ නිවෙස ඉදිරිපිට සවිකර තිබෙන 'බන්ධනාගාර කොමසාරිස් ජයසිංහ' නමැති නාම පුවරුව දෙස බලන ලෙසත්ය. තමා බන්ධනාගාර කොමසාරිස්වරයකු බවත් එකී නිලධාරීන්ට ඔහු පවසා ඇති බවද පැමිණිල්ල මෙහෙයවූ මහරගම පොලිසියේ කොස්තාපල් සරත් බණ්ඩාර (3041) මහතා අධිකරණයට දැන්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon