ඩොලර් මිලියන 22 ගිණුමේ පරීක්‍ෂණ යට ගැසීමට එරෙහිව අධිකරණයට යයි?

  👤  253 readers have read this article !
By mawbima 2018-11-09

අනුරාධා හේරත්

රාජපක්‍ෂ පවුලේ ඥාතියකුට අයත් හොංකොං බැංකු ගිණුමක රඳවා ඇති ඩොලර් මිලියන 22ක ගිණුම පිළිබඳ පරීක්‍ෂණ යට ගැසීමට එරෙහිව දූෂණ විරෝධී හඬ අධිකරණයට යෑමට තීරණය කර ඇත.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ 'මව්බිම'ට පැවැසුවේ එම අධිකරණ ක්‍රියා ගැනීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬෙහි නීතිඥ මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටින බවය.

සමරසිංහ මහතා කියා සිටියේ රාජපක්‍ෂ පවුලේ ළඟම ඥාතියකුට අයත් අදාළ බැංකු ගිණුම පිළිබඳ විමර්ශනය කිරීමට එවකට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා හොංකොං බලා ගිය නමුත් එම පරීක්‍ෂණ යට ගැසීමට කටයුතු කර ඇති බවය.

එසේ හොරකම් කළ මුදල් මේ වන විට පගාවලට ගෙවන බවට චෝදනා කරන ඒ මහතා කියා සිටියේ එම මුදල් ගැන වහාම පරීක්‍ෂණයක් ඇරැඹිය යුතු බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon