දින දහයක් තුළ හලාවත රෝහලේදී දරු ප්‍රසූතියේදී මියගිය මව හා බිලිඳුන් තිදෙනා ගැන විමර්ශනයක්

  👤  256 readers have read this article !
By mawbima 2018-11-09

හලාවත - ප්‍රසාද් පූර්ණමාල්

දින දහයක් තුළ හලාවත මහ රෝහලේදී, දරු ප්‍රසූතියේදී මියගිය මවගේ හා බිලිඳුන් තිදෙනාගේ මරණය සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් විමර්ශන ආරම්භ කර ඇති බව හලාවත මහ රෝහලේ අධ්‍යක්‍ෂ ලලිත් පෝද්දල්ගොඩ මහතා පැවැසීය.

මේ වන විට කර ඇති පරීක්‍ෂණ අනුව මවගේ මරණයට පැහැදිලි හේතුවක් අනාවරණය වී නොමැති බව ප්‍රකාශ කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා බිලිඳියගේ මරණයට හේතුව හිසේ තිබූ තැළුම් කීපයක් බවට සැක කරන අතර එය ප්‍රසූතියේදී සිදුවූ තෙරපුමක් හේතුවෙන් වන්නට ඇතැයි සැක කරන බවද පැවැසීය.

දෙවැනි සිදුවීමේ බිලිඳියගේ මරණය මවගේ ගර්භාශයේම සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව ප්‍රකාශ කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා, තෙවැනි සිදුවීමට හේතුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් නොපැවැත්වීම නිසා ස්ථිරව කිව නොහැකි බවද පැවැසීය. පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා මාපියන් විරුද්ධ වීම මීට ප්‍රධාන හේතුව බව වාර්තා වේ.

හලාවත මහ රෝහලෙන් පළමු සිදුවීම වාර්තා වූයේ පසුගිය මස 28 වැනි දිනයි. එහිදී මිය ගියේ රසිකා ජීවනි නමැති තිස්පස් හැවිරිදි මවකි. මේ මව මිය යෑමට පෙර ඇයට ලැබුණු බිලිඳිය මියගොස් තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon