සී.වී. විග්නේශ්වරන් තමිල් අරුසු පක්ෂයෙන් ඉවත් වෙයි

  👤  250 readers have read this article !
By mawbima 2018-11-09

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (08දා) එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී තිබේ.


මේ අනුව සී.වී. විග්නේශ්වරන් මහතා 08 වැනිදා සිට තවදුරටත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයකු ද නොවේ.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන පක්ෂ කාර්යාලයට පැමිණි විග්නේශ්වරන් මහතා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිවරයාට පක්ෂයෙන් ඉවත් වීමේ ලිපිය භාර දීමෙන් පසුව පැයක පමණ කාලයක් දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවතිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon