ශුද්ධ වූ අන්ද්‍රේ අවිල්ලීනු මුනිතුමන් හට තුති පිදීමේ වාර්ෂික මංගල්‍යය නොවැ. 11 වැනි ඉරු දින

  👤  286 readers have read this article !
By mawbima 2018-11-09

ඩඩ්ලි පෙරේරා

ශූද්ධ වූ අන්ද්‍රේ අවිල්ලීනු මුනිතුමන් වෙත කැප කරන ලද ශ්‍රී ලංකාවේ ඇති එකම දෙව්මැඳුර පිහිටා තිබෙන්නේ කොළඹ අගරදගුරු පදවියේ නුවර මහා මාර්ගයට ආසන්න ජනාකීර්ණ කඩවත නගරයට ඉහළින් වූ උස් බිමකය. හරිත වර්ණ පරිසරයක පිහිටි මෙම දෙව්මැඳුරේ ආරම්භක ඉතිහාසය වසර 1861 දක්වා දිව යයි. 1861දී පෑලියගොඩ මීසම යටතේ එවකට සිටි ප්‍රංශ මිෂනාරි පියවරුන් යටතේ වත්මන් බිමෙහි කටුමැටි ගැසූ පොල් අතු සෙවිලි කළ කුඩා යාඥා ගෘහයක් ලෙස ආරම්භ කර ක්‍රමයෙන් දළුගම කිරිමැටියාගාරය මීසම් යටතේ වැඩෙමින් පැවතෙමින් අද අප දකින මේ මහා දෙව්මැඳුර කඩවත මීසම බවට පත් වන්නේ 1969 වසරේ සිටයි.

එතැන් සිට අප සභා පියවරුන් පහළොස්දෙනකුගේ සහ මීසම් සංඝයේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මත සංවර්ධනය වූ ශුද්ධ වූ අන්ද්‍රේ අවිල්ලීනු මුනිතුමන් හට කැපවූ මේ දර්ශනීය වූ වන්දනීය දෙව්මැඳුර ප්‍රදේශයේ කිතුනු පවුල් 800කගේ පමණ දහම් පවස නිවමින් බැබළේ.

වත්මන් මීසම් එ‍ෙ¾ඩ්රාණන් වන ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියනමගේ මඟපෙන්වීම හා අනුශාසනා මත මීසම් උපදේශක සභාව, කතෝලික තරුණ සමිතිය, මරිය හමුදාව, ශ්‍රී හෘද සමිතිය, වින්සන් ද පාවුලා සමිතිය, ධර්මදූත ළමා සමාජය, දහම් පාසල සහ එම ගුරු මණ්ඩලය, ගායනා කණ්ඩායම, පූජා උදවු සමිතිය ආදී කතෝලික තරුණ සමිතිය සහ පියවරුන්ගේ සමිතිය ඇතුළු සැවොම එක්ව මෙවරද, ශුද්ධ වූ අන්ද්‍රේ අවිල්ලීනු මුනිතුමන්හට තුති පිදීමේ වාර්ෂික මංගල්‍යය 116 වැනි වරටත් නොවැ. 11 වැනි ඉරු දින අති උත්කර්ෂවත්ව පැවැත්වීමට සැරසෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon