සුද්දෙක් ක්‍රීඩාංගණය හරහා හෙලුවෙන් දුවයි

  👤  356 readers have read this article !
By mawbima 2018-11-09

ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එංගලන්ත - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන පෙරේදා (7දා) පස්වරුවේ ශ්‍රී ලංකා පිලේ මුල් ඉනිම අවසන්ව දෙවැනි ඉනිම සඳහා එංගලන්ත පිල පිටියට පැමිණෙන කාලය අතරතුර විදේශිකයකු ක්‍රීඩාංගණය හරහා නිරුවතින් දිවීම නිසා පිටිය වටා සිටි නරඹන්නන් අනපේක්ෂිතව අමුතුම අත්දැකීමකට මුහුණ දෙමින් වික්ෂිප්ත භාවයකින් පසුවන්නට වූහ.

කෙසේ වුවද ගාලු ක්‍රීඩාගංණයේ ආරක්ෂක නිලධාරීන් විදේශිකයා අත්අඩංගුවට ගැනීමට සැලැසුම් කරන විටත් ඔහු ක්‍රීඩාංගණයේ රැඳී සිටි තවත් විදේශිකයන් පිරිසක් අතරට ගොස් නොපෙනී ගිය අතර ඔවුන් අතරේ නිරුවත් සුද්දෙක් සොයාගැනීමට හැකි වී නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon