වත්මන් කථානායකවරයා කොළපාට කණ්ණාඩි දමාගෙන කටයුතු කිරීම ලැජ්ජා සහගතයි - සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත

  👤  934 readers have read this article !
By mawbima 2018-11-09

වත්මන් කථානායකවරයා කොළපාට කණ්ණාඩි දමාගෙන කටයුතු කිරීම ලැජ්ජා සහගත යැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත මහතා පැවැසීය.


ඔහු සිය බලය ඉක්මවා කටයුතු කරන බවද හෙතෙම කීවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවැරී ඇති බලය අභියෝගයට ලක් කිරීමට කථානායකවරයාට නොහැකි බවද ඊයේ (8දා) පැවැති මාධ්‍ය හමුවකදී ‍ෙදාළවත්ත මහතා කීවේය.

'19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තුළින් ඔවුන් උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය අවසන් කිරීමට.

නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද අසාර්ථක වෙලා. ඒකෙන් කොච්චර උත්සාහ කළත් මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වර ජනාධිපතිවරණයකට ඉල්ලන එක වළක්වන්න බෑ. තියෙන ප්‍රතිපාදන අනුව නැවත වරක් එතුමට ජනාධිපති තනතුරට ඉල්ලන්න පුළුවන්. ඒ එක්කම රනිල් වික්‍රමසිංහගේ බලය වැඩි කරන්න මේ හරහා ගත්ත උත්සාහයත් අද අසාර්ථක වෙලා තියෙනවා.

ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නම් ගෝඨාභය රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට ඉල්ලන්න බැරිවෙන්න ද්විත්ව පුරවැසිභාවය ගැන වගන්තියක් දැම්මා. ඒ වගේම නාමල් රාජපක්ෂ මහතාට ඉල්ලන්න බැරි වෙන්න වයස අවුරුදු 30ක සීමාව අවුරුදු 35 කළා. එක පවුලක් දේශපාලනයෙන් අතුගාලා දාන්න 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවා කියන එකයි දැන් අපට පේන්න තියෙන්නේ.

ඒ වගේම අද වෙනකොට මේ ව්‍යවස්ථාව දැඩි අර්බුදයක් වෙලා තියෙනවා කියලා කියන්න විපක්ෂයේ අය උත්සාහ කරනවා. ජනාධිපතිවරයා මේ පත්කරපු සියලු පත්කිරීම් කරල තියෙන්නෙ නීත්‍යනුකූලවමයි. පසුගිය ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ ආණ්ඩුවෙන් ඉවත් වුණු නිසා. ඉන් අනතුරුව නව අගමැති කෙනෙක් දිවුරුම් දීලා තියෙනවා.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon