සන්ධාන නායකයන් කථානායකට තර්ජනය කළා- මුජිබර් රහුමාන්

  👤  968 readers have read this article !
By mawbima 2018-11-09

උපතිස්ස පෙරේරා

කථානායකවරයාට තර්ජනය කර තමන්ට අවශ්‍ය පරිදි ලබන 14දා රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකස් කර ගැනීමට පෙරේදා (07දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන් උත්සාහ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළුව එම අවස්ථාවට එක් වූ පක්ෂ නායකයන් රැසක් ඊට සිය බලවත් විරෝධය පළ කළ බවත් '113 හදලා ඉවරයි' යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අමූලික බොරුවක් බව එම පක්ෂ නායක රැස්වීමේදී අනාවරණය වූ බවත්, මන්ත්‍රිවරයා ඊයේ (08දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසුවේය.

113 සපුරා ගැනීමට නොහැකිව සිටින ජනාධිපතිතුමා දැන් දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන්ගේ දෙපා ළඟ දණ ගසා විවිධ වරප්‍රසාද ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටින බවත් මන්ත්‍රිවරයා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon