ඇළකට ඇද වැටී ළදරුවෙක් මිය ගිහින්

  👤  948 readers have read this article !
By mawbima 2018-11-09

මීගහකිවුල _ රුවන් කුමාර

කන්දකැටිය - බුබුල ප්‍රදේශයේ නිවෙසක් අසල වූ ඇළ මාර්ගයකට ඇද වැටී ගසාගෙන ගිය අවුරුදු එකහමාරක ළදරුවකු කන්දකැටිය රෝහලටත් අනතුරුව බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය _ බුබුල ප්‍රදේශයේ පදිංචි එච්.පී.ඩී. සදෙව් නමැති වයස අවුරුදු එකහමාරක ළදරුවකු මේ සිද්ධියෙන් මියගොස් ඇත.

නිවෙස තුළ සෙල්ලම් කරමින් සිටි දරුවා පසුව බලනවිට නොසිටි හෙයින් ඒ පිළිබඳව සොයා බලද්දී නිවෙස ඉදිරිපිට ඇළට වැටී ගසාගෙන යමින් සිටි දරුවා හමු වී ඇත. ඒ මොහොතේම ළදරුවා ගොඩගෙන කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා ඇතත් දරුවා මිය ගොස් ඇත. කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon