දෙමළ ජාතික සන්ධානය රනිල්ට සහාය දැක්වීම දෙමළ ජනතාවට ප්‍රශ්නයක්

  👤  961 readers have read this article !
By mawbima 2018-11-09

ලක්ෂ්මී ජයකොඩි

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂත් උතුරේ ඉඩම් සියල්ල නිදහස් කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාත් පොරොන්දු වී තිබෙන බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

ඔහු මේ බව සිය ටිව්ටර් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කොට තිබේ.

රටේ නායකයන් එම පොරොන්දු ලබා දී තිබියදී දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන්නේ මන්දැයිද දෙමළ ජනතාව ප්‍රශ්න කරන බවද හෙතෙම එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමත් සමඟ විනයාගමුර්ති මූරලිදරන් මහතා නැවතත් දේශපාලනමය වශයෙන් විවිධ ප්‍රකාශ සිදු කිරීම අරම්භ කොට ඇති අතර පසුගියදා ඔහු ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් තිදෙනකු මහින්ද රාජපක්ෂ මහතා හා තමන් සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon