ශ්‍රීලනිප සභාපතිගේ බලතල වැඩි වෙයි

  👤  961 readers have read this article !
By mawbima 2018-11-09

රුචිර දිලාන් මදුශංඛ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් සභාපතිවරයාගේ බලතල වැඩි කිරීමට ඊයේ (08දා) පස්වරුවේ රැස්වුණු එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ අනුමැතිය හිමි විය.

ඒ අනුව පක්ෂය සඳහා 11 දෙනකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් ඇති කිරීමට අනුමැතිය හිමිව තිබේ.

පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කාරක සභාව ඊයේ පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී රැස්වූහ.

එහිදී නව යෝජනා පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස විසින් ඉදිරිපත් කළ අතර ඊට සියලු දෙනාම ඒකමතිකව කැමැත්ත පළ කර ඇත.

ඉදිරියේදී පක්ෂයේ සභාපතිවරයා විසින් නායකත්ව මණ්ඩලයට පත්කරන පුද්ගලයන් කවුරුන්දැයි නිවේදනය කිරීමට නියමිතව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon