අගමැතිකම තියා පක්ෂ නායකකම රැක ගන්නත් රනිල් අද සටන් කරනවා -ජොන්ස්ටන් ප්‍රනාන්දු

  👤  954 readers have read this article !
By mawbima 2018-11-09

අනුරාධා හේරත්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට අගමැතිකම වෙනුවට සිය පක්ෂ නායකත්වය රැකගැනීමේ ප්‍රබල සටනකට යොමුවීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මන්ත්‍රිවරයා පැවසුවේ මේ වන විට දැඩි අර්බුදයකට පත්ව තිබෙන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, චම්පික රණවක හා නවීන් දිසානායක යන හතර දෙනා සිවු කොනින් කුරුමානම් අල්ලමින් සිටින බවත්, ඔවුන් මන්ත්‍රිවරුන් බිලීබෑමට මුදල් බෙදන බවට වාර්තා පළවී ඇති බවය.

කෙසේ නමුත් 1993 වසරේ සිදුවූ ආකාරයටම අදත් එජාපය කෑලි 4කට බෙදී ඇති බව පවසන මන්ත්‍රිවරයා තවදුරටත් කියා සිටියේ සිදුවෙමින් පවතින ක්‍රියාදාමයන්ට අනුව දක්නට ඇත්තේ අරලියගහ මන්දිරය පමණක් නොව 'සිරිකොතම' පිපිරිලා යන තත්ත්වයක් දක්නට ඇති බවය.

ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරමින් තම අගමැතිකම පමණක් නොව නායකත්වය පවා රැකගැනීමේ ඛේදජනක සටනකට රනිල් වික්‍රමසිංහ මහතාට පිවිසීමට සිදුවීම ඔහුගේ පක්ෂ අර්බුදය මැනවින් ඔප්පු කොට හමාර යැයි හෙතෙම වැඩිදුරටත් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon