ව්‍යවස්ථාව උල්ලංඝනය වුණා නම් රනිල් ශේ‍ර්ෂ්ඨාධිකරණයට නොයන්නේ ඇයි?

  👤  2564 readers have read this article !
By mawbima 2018-11-09

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

නව අගමැතිවරයා පත් කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නම් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයට පැමිණිලි
නොකරන්නේ...මන්දැයි ප්‍රශ්න කරන හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඒ පිළිබඳව එජාපයේ කිසිදු දේශපාලනඥයකු මතයක් ප්‍රකාශ නොකරන බවද පවසයි.

එළැඹෙන 14 වැනිදායින් පසු රැස්වන පාර්ලිමේන්තු සැසිවාරයකදී මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට නොහැකි වුවහොත් ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ මොහොතේ කථානායකවරයාගේ කාර්ය භාරය නින්දා සහගත එකක් බවත් මෙතෙක් පාර්ලිමේන්තුවේ සිටි කිසිම කථානායකවරයකු එවැනි ආකාරයකට කටයුතු කර නැති බවත් කථානායකවරයා තම දේශපාලන පක්ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ යුතු බවත් ඩිව් ගුණසේකර මහතා පැවැසුවේය.

ඒ මහතා ඊයේ (8දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම අදහස් පළ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon