කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් දිවුරුම් දෙති

  👤  2503 readers have read this article !
By mawbima 2018-11-09

පහන් විජේසේකර

නව රජයේ තවත් කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු පස්දෙනෙක් ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (08දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත මහතාත්, ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතාත් දිවුරුම් දුන්හ.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම යටතේ මෙම අමාත්‍යවරුන් දිවුරුම් දීම සිදු වූයේ හත් වැනි වරටය.

ඊයේ දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරු
අනුර ප්‍රියදර්ශන යාපා
- මුදල් රාජ්‍ය අමාත්‍ය,
සාලින්ද දිසානායක
- දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය,
සී.බී. රත්නායක
_ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය,
එස්.එම්. චන්ද්‍රසේන
- සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය,
ලක්ෂ්මන් වසන්ත පෙරේරා
- ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය

මේ වනවිට නව රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති අතර රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 15ක් වී තිබේ. දැනට පත්ව ඇති නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 8කි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) (අ) වගන්තියට අනුකූලව තවත් කැබිනට් අමාත්‍ය ධුර 9ක් සඳහා අමාත්‍යවරුන් පත් කළ හැකි වන අතර 46 (1) (අ) වගන්තියට අනුකූලව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනකු පත් කිරීමට අවස්ථාව තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon