ජනාධිපති ගත් නිවැරැදි තීන්දුව නිසා රනිල්ට සියල්ල අහිමිවෙනවා

  👤  2899 readers have read this article !
By mawbima 2018-11-09

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරැදි බවත් ඉන් පසුව රටේ ඇතිවූ දේශපාලන වෙනස්වීම අවසන් වන්නේ බොහෝවිට එක්සත් ජාතික පක්ෂ නායකත්ව වෙනසකින් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඊයේ (08දා) කොළඹදී පැවැති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසීය.

හෙතෙම මෙසේද පැවැසීය,

19 වැනි සංශෝධනය යටතේ මේ ජනාධිපතිවරයා කළ කාර්යය පිළිබඳව විවිධ මත පළ වෙනවා. මම බැලුවා කවුද මේ මත පළකරන අය කියලා. එයාලා ඒ අර්ථකථන දෙන්නේ තමන්ගේ දේශපාලන ස්ථාවරයේ ඉඳලායි.
ජනාධිපතිතුමා රනිල් මහත්තයාව කොහොමද අගමැති කළේ. ඒක කවුද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ. එදා අපට විශාල මන්ත්‍රි සංඛ්‍යාවක් හිටියා. එදා අපි විශ්වාසභංගයක් ගෙනාවා නම් රනිල් මහත්තයා ගෙදර. මෙවර පත්කිරීම සහ ඉවත් කිරීම සිදු කළෙත් ජනාධිපතිවරයාගේ 2015 තිබුණු ප්‍රතිපාදන යටතේමයි. එදා දි.මු. ජයරත්න අයින්කරපු වෙලේ මොන ජනමාධ්‍යයද කතා කළේ? මෙතැන තියෙන්නේ පන්ති ප්‍රශ්නයක්.

ජනාධිපතිතුමාගේ 2015 ජනවාරියේදී බලය පරමාධිපත්‍යය තුළින් එන බලයක්. ඒකට අත තියන්න කාටවත් බැහැ. ජනමත විචාරණයකින් පමණයි එයට බලපෑම් කරන්න පුළුවන්. ශේ්‍රෂ්ඨාධිකරණයටවත් එයට බලපෑම් කරන්නට හැකියාව නැහැ.

මහබැංකු බැඳුම්කර සිද්ධිය නිසා හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ නිසයි 20 සංශෝධනය ගේන්න බැරිවුණේ. මේ අර්බුද ඇති කළේ රනිල් වික්‍රමසිංහයි. රනිල් තමන්ගේ හොර තක්කඩිකම් වහගන්න එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එතැනයි අර්බුදය නිර්මාණය වුණේ. අගමැතිතුමා විධායක අගමැති කෙනෙක් නෙමෙයි.

මේ ප්‍රශ්න කෙළවර වෙන්නේ අගමැති ධුරයත් නැති වෙලා. විපක්ෂයේ නායක ධුරයත් නැතිවෙලා. එ.ජා.ප.යේ නායක ධුරයත් නැතිවෙයි. අපි බලමු 14 වැනිදාට මොකද වෙන්නේ කියලා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය,
නිසංසලා අබේගුණසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon