ජයමාන්න අභියෝගතා කුසලාන කැරම් තරගාවලියට එනවා නම් නොවැම්බර් 20දාට පෙර අයැදුම් කරන්න

  👤  2485 readers have read this article !
By mawbima 2018-11-09

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් මෙහෙයවන 2018 ජයමාන්න අභියෝගතා කුසලාන සමස්ත ලංකා කැරම් තරගාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සහ 2 වැනිදා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

කොහුවල කැරම් සම්මේලන මූලස්ථානයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක් නියෝජනය කරමින් කැරම් ශේ‍ර්ණිගත නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද සහභාගි විය හැකිය.

මෙම තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මස 20 වැනිදාට පෙර ශ්‍රී ලංකා කැරම් සම්මේලනය, අංක 25, සුනේත්‍රාදේවී පාර, කොහුවල යන ලිපිනයට සහ ථචඪතඵ-ණචරණචර@ඨථචඪත.ජධථ යන විද්‍යුත් ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතු අතර ඒ පිළිබඳ වැඩි විස්තර ප්‍රසන්න (අංක _ 0718130817) සහ හේෂාන් (අංක _ 0767451570) යන මහත්වරුන් අමතා ලබා ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon