ප්‍රාථමික ළමයින් සඳහා වන මලල ක්‍රීඩා තරගාවලියේදී කොළඹ කලාපයේ ශූරතා වැඩි බර විශාකා විදුහලට

  👤  2486 readers have read this article !
By mawbima 2018-11-09

නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහය යටතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව 3, 4 හා 5 ශේ්‍රණිවල දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන පළාත් මලල ක්‍රීඩා තරගාවලියේ (කිඩ්ස් ඇත්ලැටික්ස්) කොළඹ කලාප තරග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්විණි.

එහිදී කොළඹ විශාකා විදුහල් කණ්ඩායමට ශූරතා තුනක් හා රාජකීය විදුහල් කණ්ඩායමට ශූරතා දෙකක් හිමිවීම විශේෂත්වයකි.

ඒ අනුව 3 වැනි, 4 වැනි හා 5 වැනි ශේ්‍රණිවල බාලිකා ශූරතා විශාකා විදුහල් කණ්ඩායම දිනාගනිද්දී 4වැනි හා 5 වැනි ශේ්‍රණිවල බාලක ශූරතා රාජකීය විදුහල් කණ්ඩායමටත්, 3වැනි ශේ්‍රණියේ බාලක ශූරතාව කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායමටත් හිමිවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon