නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් යළිත් රිමාන්ඩ්

  👤  2533 readers have read this article !
By mawbima 2018-11-09

අමිල අබේරත්න

ළමයින් 5 දෙනකු ඇතුළු පුද්ගලයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය ලබන 21දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (7දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි සිද්ධියේ විමර්ශන නිලධාරි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ කප්පම් ගැනීමේ සිද්ධියට අදාළ දුරකථනවල විශ්ලේෂණ වාර්තා සමඟ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවය.

ඔහුට අමතරව සිද්ධියට අදාළව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ටී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව කටයුතු කළ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනකු, බළ නැවියකු ලෙස සේවය කළ නිලධාරියකු සහ නාවික හමුදා සෙබළුන් තිදෙනකු, බුද්ධි අංශ නිලධාරියකු සහ නාවික හමුදා යාත්‍රා බළගණයේ නැවියකු ලෙස සේවය කළ අයකු චෝදනා ලැබ සිටිති.

ඔවුන් සියලු දෙනා මේ වන විට අධිකරණයෙන් ඇප ලබා තිබිණි.

නාවික ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon