14 වැනිදාට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගණන් කරන්න කථානායකට බෑ

  👤  2779 readers have read this article !
By mawbima 2018-11-09

ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගය වෙලාවෙ පාර්ලිමේන්තුව කල් දමන විට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා නොකළ එජාපය දින 11ක් පාර්ලිමේන්තුව කල් දමන විට ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියනවා යැයි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

හෙතෙම එම අදහස් පළ කළේ ඊයේ (08දා) බත්තරමුල්ලේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් මෙසේද කීවේය.

පාර්ලිමේන්තුව රැස් කිරීම, කල් තැබීම කථානායකට හිමි බලතල නෙවෙයි. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති සතු බලයක්. 1991දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට විරුද්ධ දෝෂාභියෝගය ඉදිරිපත් කළාට පසුව පාර්ලිමේන්තුව එදත් කල් දැම්මා. ඊට පසුව තමයි දෝෂාභියෝගය ගැන කටයුතු කළේ.

මෙවර පාර්ලිමේන්තුව කල් දමා තිබෙන්නේ දවස් 11කටයි. ඒත් ඒකට කථානායක අභියෝග කළා. නීත්‍යනුකූල නැති බවට ඔහු කළේ අනවශ්‍ය ප්‍රකාශයක්. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වන බවට තානාපතිවරුන් මඟින් ලෝකය දැනුවත් කළා. ඒත් ව්‍යවස්ථාවට පටහැනි නැත්නම් මේක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වන්නේ කෙසේද?

කථානායකවරයා අපක්ෂපාතී තනතුරක් දරන්නෙක්. ඔහු කරන ලද ප්‍රකාශ නිසා ජාත්‍යන්තරය වැරැදි අවබෝධයක් ලැබුවා. ඒක නිවැරැදි කරන්න ජනාධිපතිතුමාට සිදු වුණා.

පාර්ලිමේන්තුවේදී ලබන 14 වැනිදා මන්ත්‍රිවරුන් ගණන් කරන්න කථානායකට බැහැ. එදා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණයි. ඊට පසුව පාර්ලිමේන්තුව කල් තබනවා.

කථානායකගේ වත්මන් ක්‍රියාපිළිවෙත ස්ථාවර නියෝගවල, ව්‍යවස්ථාව තුළ හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළත් නැහැ. මේ මඟින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කොට තිබෙනවා.

මේ නිසා ලේ වැගිරීමක් විය හැකි බවට කථානායකවරයා බීබීසී ප්‍රවෘත්ති සේවයට කියා තිබෙනවා. ඒත් එවැනි තත්ත්වයක් රටේ නැහැ. ඒ නිසා කථානායකවරයාගේ ක්‍රියාකලාපය ගැන අපි බලවත් අප්‍රසාදය පළ කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී. ඒකනායක,

රාජ්‍ය දේපළ මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාවිත කරනවා. රාජ්‍ය දේපළ අවභාවිත කළ බවට පසුගිය කාලයේ මන්ත්‍රිවරු එෆ්සීඅයිඩී ගෙන ගියා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ජෝන් සෙනෙවිරත්න මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා කියා තිබෙනවා පාර්ලිමේන්තුවෙන් මේ ප්‍රශ්නය විස¼දා ගත යුතු බව?

ඔහු කියා තිබෙනවා අගමැතිවරු දෙන්නෙක් ඉන්නව කියල. ඒත් ඔහු නීත්‍යනුකූල මහින්ද රාජපක්ෂ අගමැති බව පිළිගත යුතුයි. මෑත කාලයේ එතුමා යම් යම් දේ කියනවා. ඒත් ආණ්ඩුවේ වැඩ අවුල් වෙලා නැහැ. සාමාන්‍ය ලෙස පවතිනවා. කුමාර වෙල්ගමගේ ප්‍රකාශ සමඟ එකඟ වෙන්නේ නැහැ.

ඔහු ස්වාධීන වෙන බව කියනවාද?

ඒක ගැන දන්නේ නැහැ. තවම එතුමා අප සමඟ ඉන්නවා. යම් කිසි අවස්ථාවක ඡන්දයක් ගන්න වුණොත් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දෙනව කියලා ඔහු කියා තිබෙනවා.
කථානායක වැරැදි නම් ඔහුට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගත හැකියි?

දැනටමත් ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරු අල්ලස් කොමිසමට පැමිණිලි කොට තිබෙනවා. ලබන 14දා කථානායකතුමා කටයුතු කරන ආකාරයත් බලනවා. ඊට පසුවයි යම් යම් තීරණ ගන්න වෙන්නේ.

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අදහසක් තිබේද?

ජනතාව බලාපොරොත්තු වෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවන්න නෙවෙයි. රජය නිවේදනයකුත් නිකුත් කළා පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැහැ කියලා.

දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon