බෙදුණු ශ්‍රී ලනිපය එකතුවීම ගැන සතුටුයි

  👤  2760 readers have read this article !
By mawbima 2018-11-09

ශ්‍රීලනිපය ඇතුළේ අර්බුදයක් තිබ්බා. අපි මේ තත්ත්වය නිසා සිටියේ දැඩි වේදනාවකින්. මේ නිසා පක්ෂය නැවත එක් කිරීමේ අවශ්‍යතාව මා දැඩිව දුටුවා. එබැවින් පක්ෂය නැවත එක් කිරීමේ කාර්යයේ මම නිහඬව නියැළී සිටියා යැයි හිටපු අමාත්‍ය ජා-ඇළ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ෆීලික්ස් පෙරේරා පැවැසීය.

ජා-ඇල ආසනයේ ශ්‍රීලනිපය පක්ෂ සාමාජිකත්වය දැනුවත් කරමින් ජා-ඇළ තුඩැල්ල ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලයේ පැවැති උත්සවයකදීය. වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"මා පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිට අවසාන වර්ෂයේ රුපියල් මිලියන 4000ක වැඩ කොටසක් ජා-ඇල මැතිවරණ කොට්ඨාසයට සිදු කර තිබෙනවා. ඉදිරියේදී නව ආණ්ඩුව යටතේ විශාල වැඩ කොටසක් ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෛත්‍රි - මහින්ද නව ආණ්ඩුව යටතේ රටේ ජනතාවට පැහැදිලි වෙනසක් දක්නට ලැබේවි. නැවත රට සංවර්ධනය කරා ගමන් කරවීමට අපිට අවස්ථාව ලැබී තිබෙනවා. ශ්‍රීලනිපයෙන්, පොදු ජන පෙරමුණෙන් වෙන්වී ගිය කොටස්වලට මම ආරාධනා කරනවා නැවත අප සමඟ අත් වැල් බැඳගෙන රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න කියලා.

ජා-ඇළ නගර සභාවේ ශ්‍රීලනිප නාගරික මන්ත්‍රි නාමල් සුරංග,
මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීමටත් වඩා අපිට සතුටක් දැනෙන්නේ භේද වී තිබූ අපගේ පක්ෂය නැවත එක්සත් වී රට සංවර්ධනයේ මාවතකට යොමු වී තිබීම ගැනයි.

ඒකල - ප්‍රසංග පාවුළුහේවා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon